Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

 ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, ඒ අනුව මෙරට ජනගහනය වන දෙකෝටි 19 ලක්ෂ 19,413 දෙනෙකුගෙන් අඩකට ඊයේ (17) පස්වරුව වනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් බවය.

ඒ අනුව සයිනෝෆාම් එන්නත ලබා ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 89 ලක්ෂ 73,670 කි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 949,105 ක් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය.

758,282 දෙනෙකු මොඩර්නා එන්නත ලබා ගෙන ඇති අතර ෆයිසර් එන්නත ලබා ගත් සංඛ්‍යාව 243,685 කි.

ස්පුට්නික් එන්නත ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව සටහන් වන්නේ 43,453 ක් ලෙසය.

ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.

Related posts

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday