Colombo Today Local News

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වඩා වැඩි එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම්වරු හරහා ග්‍රාමසේවා නිලධාරීන් මගින් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා බවය.

තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එන්නත් නොකළ පුද්ගලයින් එන්නත් මධ්‍යස්ථානවලට රැගෙනවිත් හෝ ඔවුන්ගේ නිවාසවලට ගොස් එන්නත් ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ වනවිට අවුරුදු 60ට වැඩි බොහෝ පිරිසක් එන්නත් නොකර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබීමෙන් අනතුරුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ , කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධවලින් පෙළෙන ජනතාවට අද සිට එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවය.

අද සිට දින තුනක් එම එන්නත් ලබාදීම සිදුකෙරෙනු ඇති.

ඒ සඳහා 1906 දුරකතන අංකය අමතා එවැනි පුද්ගලයින්ගේ නම් ලියාපදිංචි කරන ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

Admin

සිල්රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට වසර තුනක සිරදඬුවම් !

colombotoday