Colombo Today Local News

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කාරක සභාව පිහිටුවයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (අගෝ.10)දින පිහිටුවනු ලැබීය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 21 දෙනකු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10)දින දැනුම් දුන්නේය.

රජයේ මුදල් කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ පත්කරනු ලැබ සිටින්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,මන්ත්‍රී විදුර වික්‍රමනායක,අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,මන්ත්‍රී විජිත හේරත්,මන්ත්‍රී දුමින්ද දිසානායක,මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ,මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ, මන්ත්‍රී සිරිපාල ගම්ලත්,මන්ත්‍රී වෛද්‍ය සීතා අරඹේපොල, මන්ත්‍රී ආචාර්ය සුරේන රාගවන්, මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රී හර්ෂණ රාජකරැණ, මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ඉසුරැ දොඩංගොඩ, මන්ත්‍රී අනූප පැස්කුවෙල්,මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය වෙති.

ස්ථාවර නියෝග121 විධිවිධාන ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම කරනු ලැබ ඇත.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු කළ කංචන විජේසේකර, මනුෂ නානායක්කාර, කුමාර වේල්ගම ඩිලාන් පෙරේරා, සරත් වීරසේකර සහ නාලක ගොඩහේවා යන මහත්වරු එම කමිටුවෙන් ඉවත් කරන කරනු ලැබ සිටිති.

ඊට අලුතින් ඇතුළත්වී සිටින සාමාජිකයන් වන්නේ දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ සිරිපාල ගම්ලත් ,සීතා අරඹේපොල හර්ෂණ රාජකරුණා සහ චමින්ද විජේසිරිය.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

නව කමිටුව සඳහා සභාපතිවරයා පත් කිරීමද අද හෙටම සිදුකිරීමට නියමිතය.

Related posts

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday