Colombo Today Local News

ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණයි

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (10)දින පැවසීය.

ලොකයේ පවතින තත්වය අනුව එසේ කරන්නේ නැතැයි කිව නොහැකි බව කී අමාත්‍යවරයා එම තීන්දුවට යන්නේ අවසාන විකල්පය ලෙස බව ද සඳහන් කළේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට සියලු සහය ලබාදෙන බව කී ඇමතිවරයා වර්තමානයේ ජනතාව ද ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කළේය.

කොරෝනා පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව කී රඹුක්වැල්ල මහතා මෙරට 18ට වැඩි සියලු දෙනාට එන්නත්දීමේ ඉලක්කයක් ඇතැයි ද ප්‍රකාශ කළේය.

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බවයි.

රට වැසීම අවස්ථා කිහිපයක දී කර ඇතත් අවස්ථාවලින් පසු රෝගය වර්ධනයවීම සිදුව ඇතැයි කී ඇමතිවරයා ලෝකයේ සීමාකිරීම් රාශියකින් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණ ඇතිවූ අවස්ථාත් ඇතැයි සඳහන් කළේය.

මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොරෝනා වසංගතය පාලනය කිරීම බවයි.

ගැසට් නිවේදන කාලීන අවශ්‍යතා මත වෙනස් වන බව කී ඇමතිවරයා එසේ කිරීමක් වන්නෛ් නම් සෞඛ්‍ය හේතු විනා වෙනත් හේතුවක් නැතැයි ද කීවේය.

Related posts

ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday