Colombo Today Local News

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී රුපියල් මිලියන 39කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 131 යි ග්‍රෑම් 725 ක් සොයාගත් බවය.

මත්ස්‍යයින් ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ශීතකරණ පහසුකම් සහිත සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම කේරල ගංජා තොගය ඉතා සුක්ෂම ලෙස එහි සඟවා තිබියදී සොයාගෙන තිබේ.

සැකකරුවන්, කේරල ගංජා තොගය සහ ලොරි රථය නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

Related posts

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

colombotoday

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin