Colombo Today Local News

“සභා ගර්භය තුළ පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය වලංගු නැද්ද?”

දින 52 කුමන්ත්‍රණයේදී සිදුවූ දේපළ විනාශය, පහර දීම් හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු බලතල සහ වරප්‍රසාද පිළිබඳ රට නොමග යැවීමක් සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (අගෝ.10) පාර්ලිමේන්තුව සභාව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ ය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ යම් යම් වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට හිමි වන බවට ත් පාර්ලිමේන්තුව තුළ සහ සභා ගර්භය තුළ පොදු දේපළ පනත වලංගු නැති බවට ඊයේ දවසේදී ප්‍රකාශයක් කර තිබූ බව ත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, සභා ගර්භය තුළ පොදු දේපළ පනතේ වලංගුතාව සහ දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ය.

“ඒ කියන්නේ මිනී මැරීම්, පහර දීම්, මංකොල්ලකෑම් මේ සභා ගර්භය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? රට තුළ යම් ජන කොට්ඨාසයක් කියනවා මේ 225 ඉන්නේ ජනතාවට උඩින් කියලා. මේ 225ට තියෙනවා කියලා විශේෂිත වු නීති පද්ධතියක්. ඊයේ දිනයේ පොදු දේපළ පනත යටතේ, දින 52 කුමන්ත්‍රණයේ දී සිදුවූ දේපළ විනාශය, පහර දීම් හා ප්‍රචණ්ඩත්වය යටතේ ප්‍රශ්නයක් අහනකොට රජයේ කැබිනට් ප්‍රකාශයකයා කියනවා මේක පොදු දේපළ පනත වලංගු නෑ කියලා. මේකෙන් වැරදි පණිවුඩයක් රටට යනවා. පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියක් තියෙනවා. රටේ ජනතාවට තවත් නීතියක් තියෙනවා කියලා. මං අහන්න කැමතියි මේ සභා ගර්භය තුළ පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය වලංගු නැද්ද?”

Related posts

ස්‌තුතියි ! වතුකරයට වෙනම පාලනයක්‍ එපා.. අපි සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙනවා” – ඇමති දිගම්බරම්

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday