Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදුන් බව ය.

රාජපක්ෂ මහතා ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබිණි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

colombotoday

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

colombotoday

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday