Covid 19

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී තිදෙනනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

තවත් පුද්ගලයින් 157 දෙනෙකු පී.සී ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි පොලිස් මා මාද්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පසුගිය අඟහරුවාදා සිට බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයින් 1022 දෙනෙකු පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මාළු ලෑලි ආශ්‍රිතව මේ වන විට 422 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

Related posts

30වැනි කොවිඩ් මරණය

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday