Colombo Today Local NewsHot News

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

sl navyත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

Related posts

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

colombotoday

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday