Colombo Today Local News

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

slupf to unpඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක් ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. නව රජයේ මංගල අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් මොවුන් සිව් දෙනා ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින අතර ඉන් එක් අයෙක් ‘මහින්ද සමග නැගිටිමු“ සංවිධානයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු බවද පැවසේ.  ආණ්ඩුවට එකතුවීම සම්බන්දයෙන් මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එකඟත්වය මත රජයට එක් වීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයි දැනුම් දී තිබේ.

මින් එක් මන්ත්‍රිවරයකුට කැබිනට් ඇමැති ධුරයක් ලබා දීමට ඉඩ ඇතැයි වාර්තා වන අතර එය ජාතික ආණ්ඩුව පිහිටුවිමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලැබුණු අමාත්‍ය කෝටාවෙන් ලැබෙන බවත් වාර්තා වේ.

රජයට එක් වීමට නියමිත මන්ත්‍රිවරුන් අතරින් තවත් අයකුට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද තවත් අයකුට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුරක් ද ලැබීමට නියමිත බව ද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයට එක් වීමට පෙර මෙම මන්ත්‍රීවරුන් සිවු දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.

Related posts

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී රාජකාරිය පැහැර තනතුරෙන් පැන්නු නිලධාරියෙක්ට රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානී තනතුර

colombotoday

මහින්දගෙ ආණ්ඩුව කොතරම් හොදද.. කෙටි කලකින් ජනතාවට එපාම වුණු ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුවයි

colombotoday