Colombo Today Local News

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

පාර්ලිමේන්තුව අද (07)දින රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

අද පෙරවරු 10.00ට රැස්වෙන පාර්ලිමේන්තුවේ පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා අත්‍යාවශ මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතය.

එමෙන්ම මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

නිෂ්පාදන බදු පනත යටතේ නියමය, ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් ද අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව පස්වරු 04.30 සිට පස්වරු 04.50 දක්වා කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර පස්වරු 04.50 සිට පස්වරටු 05.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්විමට නියමිතව තිබේ.

Related posts

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday