මහබැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් යළි එම ධූරයට පත් නොකීරීමට හේතුවක් නොමැති බවත්, අනිවාර්යෙන්ම ඔහු නැවතත් මහබැංකු අධිපති ධුරයට පත්කෙරෙනු ඇති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ 13දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ද එය විභාගයටවත් නොගෙන ඉවත දැමූ බව ද, මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ රජය විසින් බවත් ඒ විශ්වාසය තවම කඩවී නැති බවත් හෙතෙම කීය.
මේ අතර ශ්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කල යුතු බවත් ඒ සඳහා ඉඩ ලබා ගැනීමට මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන් බවයි.