Colombo Today Local News

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා රාජකාරී කටයුතු කිරීමේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) බිය වී කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියළුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම රැස්වීම හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී ඊයේ (13) පැවැත්විනි.

“ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ රාජකාරි කටයුතු මන්දගාමි තත්ත්වයට පත්කර තිඛෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී රාජකාරී කටයුතු කරන්න එපා. ප්‍රශ්නයක් වුනොත් එහි වගකීම අපි බාරගන්නවා. ” යයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

colombotoday

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

සෝභිත හිමිගේ අපවත්වීම ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකළේ ඇයි? අධිකරණයටත් සැකයක්!

colombotoday

හාමුදුරුවෝ Missing… Night watchman උපවාසයේ !

colombotoday