පසුගිය අවුරුද්දක කාලසීමාව තුළ ඉන්දියාවෙන් මෙරටට ආනායනය කරන මෝටර් රථ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පවසයි.
එහිදී ඉන්දීය මෝටර් රථ ආනයනය 565.6%කින්, යතුරු පැදි 15.5%කින්, ත‍්‍රිරෝධ රථ 56%කින් ඉහල ගොස් ඇතැයි එම වාර්තා දක්වයි.
මේ අතර ජපාන, යුරෝපීය හා වෙනත් රටවල වාහන ආනයනකරුවන් විසින් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගියදා කියා සිටියේ වාහන අලෙවිය දරුණු ලෙස පහල බැස ඇති බව සඳහන් කරමිනි.