Colombo Today Local News

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

fonseka322
ගෘහ සේවය සදහා කාන්තාවන් මැදපෙරදිග රටවලට යැවීම නැවැත්වුවහොත් පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්නේ කෙසේදැයි ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා විමසයි.

ඇමතිවරයා මේ බව විමසුවේ ඊයේ (31)පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මැදපෙරදිග ගෘහ සේවය සදහා කාන්තාවන් යැවීමට සම්බන්ධයෙන් සාකච්ඡා වන අවස්ථාවේදීය.

මැදපෙරදිග ගෘහ සේවයට යවන කාන්තාවන්ගේ වයස් සීමාව අඩුකළ යුතු බවට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබු යෝජනාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ජාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුවී ඇති අතර මැදපෙරදිගට කතුන් යැවීම පියවරෙන් පියවර අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා හා ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වා ඇත.

ශ්‍රී ලාංකීය කතුන් මැදපෙරදිග රටවලට යැවීම නතර කල යුතු බවට එහිදී බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු යෝජනා කර ඇත.

Related posts

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

colombotoday

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday