Colombo Today Local News

තවත් මන්ත්‍රීන් 40කට සැප වාහන.. මාසිකව ලක්ෂ 2ක දීමනාවක් ලබාදීමටත් අනුමතයි

grew

තෝරා ගත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රීවරුන් 40ක් පත්කර ඔවුන් වෙනුවෙන් ඩිපෙන්ඩර් ජීප් රථ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වේ.

අදාළ මන්ත්‍රීවරුන් ඉක්මනින්ම පත් කරන බවද ඔවුන් වෙත ඩිෆෙන්ඩර් රථ ලබාදෙන තුරු මසකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමටද අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බව හෙළි වේ. මෙයට අදාළ කැබිනට් මණ්ඩල සංදේශය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත.

අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් මහතාට සහ තවත් මන්ත්‍රීවරයෙකුටත්, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට සහ ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රී 06දෙනෙකුටත් මූලික වශයෙන් ලබාදීමට සූදානම් බව හෙළි වේ.

ඉතිරි අධීක්ෂණ මන්ත්‍රී ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බෙදා දීමට නියමිතය.

Related posts

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

Admin

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

colombotoday

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin