Colombo Today Local News

“ලංකාව බෙදන්න බෑ.. ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” චීන තානාපති යාපනේදී කියයි

china-sl-flag

ශ්‍රී ලංකාව නොබෙදුණු ඒකීය රටක්‌ වශයෙන් පවතිනු දැකීම චීන රජයේ අරමුණ බවත් රටේ සිංහල, දෙමළ, හා මුස්‌ලිම් වැසියන් අතර, සංහිඳියාව වර්ධනය කරවීම පිණිස චීන රජයෙන් සෑම උපකාරයක්‌ම කරන බවත්, ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති යී ෂියෑංග්ලියෑන්ග් (14 දා) යාපනයේදී පැවැසීය.

තානාපතිවරයා යාපනයේ සංචාරය කළ අවස්‌ථාවේදී උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා, දිසාපතිවරයා මෙන්ම දෙමළ දේශපාලන නියෝජිතයින් කීප දෙනෙකු ද හමුවී තිබේ.

එම හමුවලින් පසුව යාපනයේදී මාධ්‍යවේදීන් ඇමැතූ චීන තානාපතිවරයා තම සංචාරයේදී වර්තමාන දේශපාලන තත්ත්වය හා උතුරේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය වෙනුවෙන් චීන රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව තමන් යාපනයේ සියලු ප්‍රභූවරුන්ට පැවසූ බව කී චීන තානාපතිවරයා ව්‍යවස්‌ථා සංශෝධනය සියලු දෙනා විසින්ම රටේ දේශපාලන සහ ආර්ථික න්‍යායපත්‍රයන්ට අනුව ඉතාම බුද්ධිමත්ව සිදු කළ යුතු බව ද පැවැසුවේය.

Related posts

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

Admin

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

Admin

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin