ආනයනික සීනි මත මෙතෙක් පැවති කි.ග්රෑ.1ක් සඳහා වූ රු.30/- ක විශේෂ වෙළෙඳ භාණඩ බද්ද අද (18දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇති බවයි.
මේ වනවිට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු.95/- කි.