Colombo Today Local News

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

tor hattrem

දිවයිනේ සංචාරයක නිරතව සිටින නෝර්වේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් ඊයේ (01) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය. උතුරු පළාත තුල නැවත පදිංචි කිරීම හා යපනය දිස්ත්‍රික් ජනතවාගේ ජීවනෝපාය නගා සිටුවීම, ජාතික සංහිදියා වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා සිදුකර තිබේ.

ඉන්පසුව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සහ නෝර්වේ රාජ්‍ය ලේකම්වරයා අතර සාකච්ඡාවක් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

‘නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී තිබෙනවා . නමුත් උතුරේ ජනතාව බලාපොරොත්තු වූ සමහර දේවල් තවම ඉටුවෙලා නැහැ. රජයේ හමුදාවන් තවම උතුරේ සිටිනවා. දෙමල ජනතාවගේ ඉඩම් බොහොමයක් නැවත ලබා දී නැහැ” යයි ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

නෝර්වේ රාජ්‍ය ලේකම්වරයා විපක්ෂ නායක අර් සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවූෆ් හකීම් සමගද සාකච්ඡා පැවැත්විනි. ට්‍රෝර් හැට්‍රම් ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර එවකට කොටි සංවිධානය හා සමීප සබදතාවක් පැවැත්වූ ඔහු වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අවස්ථාවේදී ප්‍රභාකරන් බේරා ගැනීම සදහා දියත් වූ ජාත්‍යන්තර මෙහෙයුම වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයෙක් වෙයි.

Related posts

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

දෙමටගොඩ චමින්දගේ පුතා පැදවූ සුපිරි රථය තවමත් පොලිසියට ඉදිරිපත් කර නෑ

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday