Colombo Today Local NewsUncategorized

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

ගෝනවල, පොලොන්ගහහේන ආනන්දාරාම විහාරස්ථානය අසල තිබූ බෝධීන්වහන්සේ නමක් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇත. අසල ත්‍රීරෝද රථ නැවතුම්පොළේ අය සදහන් කරන්නේ මාලුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය සිදු වූ දිනයේ මෙම විනාශය සිදුකර ඇති බවයි. මෙම සිදුවීම නිසා ප්‍රදේශවාසීන් දැඩි ලෙස ශෝකයට පත්වී සිටින අතර “අපේ උරුමයට මෙවැනි කෙණෙහිළිකම් සිදු කරන්නේ මන්ද” අසල ත්‍රීරෝද රථගාලේ තරුණයන් විමසා සිටී.

(අදාළ වීඩියෝව පහත දැක්වේ, හඩපටය සංස්කරණකින් තොරව පලකර ඇත)

මීට පෙර අවස්ථා කිහිපයක දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බෞද්ධ ආගමික ස්ථානවලට අලාභහානි සිදු කිරීම් පිළිබදව වාර්තා විය. නැගෙනහිර පළාතේ දාගැබ් සහිත ඉපැරණි නටඹුන් විනාශ කිරීම නිරන්තරයෙන්ම සිදුවේ. පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉපැරණි නටඹුන්, මුරගල් අසල පදිංචිකරුවන් විසින් ලිප් ගල් සදහා යොදාගෙන ඇති බව වර්තා විය. පිරිත් විකාශය කිරීමේදී විහාරස්ථානයට ගල් ප්‍රහාර එල්ලවෙති.

පසුගිය ‍දිනෙක මාවනැල්ල අරණායක නගර මධ්‍යයේ පිහිටා ඇති බෝධීන් වහන්සේ වටා ඉදිකර ඇති ප්‍රාකාරයේ තැන්පත් කර තිබූ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා බිද දමා තිබිණි. තව්හිද් ජමාත් නමැති සංවිධානයක් මාවනැල්ල ප්‍රදේශයේ බලහත්කාර ලෙස ආගමික ප්‍රචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියදී ඇති වූ ‍නොසන්සුන්තාවයකින් පසුව මෙම සිද්ධීය සිදුවී ඇති බවද ප්‍රදේශවාසීන් කියති. බාධා කිරීම් සහ තර්ජණ නිසා මුලතිව්හී ඉදිකෙරෙන විහාරස්ථානයක වැඩ දැනටමත් නවතා ඇත. නමුත් මෙවැනි අකටයුතුකම් ගැන කිසිදු මානව හිමිකම් වාර්තාවක සටහන් වන්නේ නැත.පොලිස් පොතේ සටහන් වුවද ඒවා පිළිබදව කිසිදු පරීක්ෂණයක් සිදූවූ බවනම් අප අසා නැත.

Related posts

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday

දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති

colombotoday

Myanmar to host tourism expo at the end of 2018

colombotoday

“අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්” – මර්වින් සිල්වා සුමන්තිරන්ට සැරටම අමතයි

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday