Colombo Today Local NewsHot News

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

us-marin32

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති නව ගොඩනැගිලි සංකීර්ණය තුළ ඇමෙරිකානු මැරීන් (Marine) භටයන්ගේ නවාතැන් පහසුකම්, සහායක ගොඩනැගිලි සහ තානාපති කාර්යාල ප්‍රජාවට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සහිත බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ විදේශ ගොඩනැගිලි මෙහෙයුම් කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ විලියම් මොසර් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ගොඩනැගිලි සංකීර්ණය තානාපති කාර්යාල වත්මන් පරිශ්‍රයේ සහ යාබද ඉඩමක ඉදිකෙරෙනු ඇති අතර, එය අක්කර 5.7ක භූමිභාගයක් බවද නිවේදනය කරයි. එමෙන්ම, මෙමගින් තානාපති කාර්යාල කාර්යමණ්ඩලයට ආරක්ෂිත, තිරසාර සහ නූතන කාර්යාල සංකීර්ණයක් හිමිවනු ඇති බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

 

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

STF අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

colombotoday

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday