Colombo Today Local News

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරුකට අනුව කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකිනි.

පොලිස් ස්ථානාධිපතිවරයෙකු භාවිත කරන ආකාරයට ජීප් රථය සකස් කර ගංජා ජාවාරම සිදු කර තිබේ.

මාස 06 ක පමණ කාලයක සිට මෙම ජීප් රථය යොදා ගනිමින් ගංජා ජාවාරම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සැකකරු විසින් පොලීසිය භාවිත කරන ජීප් රථවලට සමාන කළු පැහැති ජීප් රථයක් ගෙන එය නිල් පැහැයට වර්ණ ගන්වා ඉදිරිපස ප්‍රභූ විදුලි පහන් ද සවි කර තිබූ බව විමර්ශනවලින් අනාවරණ වී ඇත.

සැකකරුට එරෙහිව ගංජා ජාවාරම සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින අතර, නීති විරෝධි කටයුතු සඳහා මෙලෙස ජීප් රථයක් සකස් කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ජීප් රථය දොඩංගොඩ පොලීසියට භාර දී තිබේ.

Related posts

ශ්‍රීලනිප යේ සිංහලකම බෝඩ් එකෙනුත් හැලෙයි.

colombotoday

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

colombotoday

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

colombotoday