Colombo Today Local News

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරය අදට තිබේ.

“රට වට බැඳි රන් පවුරක්” තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදා ය.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළේ ය.

සතුරු ආක්‍රමණවලදී සයුරේ අණසක පතුරවමින් ලංකාද්වීපය රැක ගැනීමට නාවික සෙබළුන් කළ මෙහෙවර ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය.

දේශීය මෙන්ම කලාපීය සාගර අවකාශය තුළින් මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි යුදමය ශක්තියකින් පරිපූර්ණ ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 70 වැනි සංවත්සරය සමරන්නේ මහත් අභිමානයෙන් ය.

කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දැමීම සඳහා දියත් කළ මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාව ඉටු කළ අමිල මෙහෙවර මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.

සිවිල් සමාජය නීතිගරුක කිරීම වෙනුවෙන් වර්තමානයේ නාවික හමුදාවෙන් ඉටුවන්නේ අද්විතීය මෙහෙවරකි.

වර්ග කිලෝමීටර 65,610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ය.

මේ අතර ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව අද සිට ලබන 13 වැනිදා දක්වා ගාලුමුවදොර පිටිය ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

අද අභිමානවත් 70 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට දේශයේ උත්තමාචාරය!!

Related posts

සා.පෙළ විභාගය මැයි

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

colombotoday

අවුරුදු 18 සම්පුර්ණ වන තුරු සුන්නත් කිරීම තහනම් කරන්න. – ඉස්ලාමය හැරගිය සංවිධානය එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday

ස්ටිකර් සිද්ධියට අත්අඩංගුවට රුස්ඩි පාස්කු ප්‍රහාරයේ අනුරගේ අනාවරණයද?

Admin

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday