Colombo Today Local News

අදත් බස් ධාවනය අඩාලයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනයේත් බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කරන්නේ, මේ වනවිට පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බැවින් මගීන් ප්‍රවාහන කටයුතු සඳහා සිසුසැරිය බස් රථ ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

Related posts

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

Admin

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday