Colombo Today Local News

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රට තුළ රුපියල බාල්දුවීමට සහ උද්ධමනය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කරයි.

රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (15)දින කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා…

“ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බෙ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවන් නොමැතිව තියෙද්දි මහ බැංකුවෙන් 203 ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා.

එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ. කිසිදු පාලනයකින් තොරව. එතනදි තමයි රුපියල් රු.203 ඉඳලා එකපාරටම 365 ,380 ට ගියේ.

දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණු ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව තමයි අපි අප්‍රේල් මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළේ. ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරල ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා.”

Related posts

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin