Colombo Today Local News

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

ඇස් බැන්දුම් චක්‍රලේඛ හරහා ක්‍රියාත්මක “පරාටේ නීතිය” වහා අහෝසි කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දේශපාලකයන්ට, කෝටිපතියන්ට, වංචාකාරයන්ට නැති “පරාටේ නීතිය” රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙඳපොළ රටේ ක්‍රියාත්මක විය යුතු බව ත් අන්ත ලිබරල්වාදය මේ වන විට ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වන බව ත් ඔහු පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් ඊයේ (ජූලි 28)දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙසේ සදහන් කළේය.

ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතළිස් පහක් ජීවනෝපාය ලබා ගන්නා, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද අසරණව සිටින බව හෙතෙම පවසයි.

Related posts

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මරාගෙන මැරෙන්න පන්සලකට යන්න හිටියා… සහරාන්ගේ දෙවන ප්‍රහාර මාළාව ගැන බිරිය හෙලිකරයි…

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin