Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

බදුල්ල, හිදගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තුළ කිසියම් පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම් හලේ ඇතිවූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ව බිය වැද්දීම සඳහා එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

colombotoday

රාමසාන් සඳ අද

Admin

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday