Colombo Today Local News

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

වස්කඩුවේ ලී මෝලක මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආනයනය කිරීමට සූදානම් කරන පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

වස්කඩුව ගාලුපාරේ නිවසක් පිටුපස පවත්වාගෙන යන ලී මෝලේ ලී පදම් කරන බොයිලේරුව සහිත කොටසේ ගින්න හටගෙන ඇත.

සිද්ධිය සැලවීමත් සමගින් කළුතර නගර සභාවේ ගිනි නිවන භටයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ විනාඩි 45 ක් වැනි කාලයකදී ගින්න පාලනය කලද එහි ගබඩා කර තිබූ පැලට් ලෑලි සියල්ල විනාශවී ඇත.

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් සදහන් කළ නොහැකි බව කළුතර නගර සභා ගිනි නිවන ඒකකය සදහන් කරන අතර, හානිය මෙතෙක් ගනන් බලා නොමැත.

Related posts

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin