Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට

අයිඩියල් මෝටර්ස් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද(28)දින සිදුකෙරුණි.

මෙම මෝටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ.

ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත.

උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇති බව සඳහන් වෙයි.

Ideal Moksha රථය ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද මෝටර් රථය කැපී පෙනෙයි.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ.

ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය.

වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය.

වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බව විශේලේෂකයින් පවසයි.

Related posts

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ පත්කරයි…

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday