Colombo Today Local News

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා නවදිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද හමු විය.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ධීවර ගැටළු, ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට විසදුම්, ශ‍්‍රීලංකාව ශක්තිමත් කිරීමට සිදුකළ හැකි ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡවට බඳුන් වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ශ‍්‍රින්ග්ලා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ශ‍්‍රීලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සාකච්ඡවට සහභාගී වූහ.

Related posts

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

colombotoday

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin