Colombo Today Local News

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩු කටයුත්තෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් එම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණ ද ඒ මහතාට එරෙහිව පෙත්සම්කරුවන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ඔහු මුදාහරින ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේදී එහි අනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 2 වන දා දක්වා දීර්ඝ කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

පෙත්සම සලකා බැලීම තවදුරටත් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර කරු ලැබ තිබිණි.

Related posts

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

අපි හොද චන්ඩි.. වානා වා, පෝනා පෝ, එජාපය ඕන ගේමකට රෙඩි – රාජ්‍ය ඇමති සුජීව (Video)

colombotoday

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin