Colombo Today Local News

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

ශ්‍රී ලංකාව බහු ආංගික උපාය මාර්ග ඔස්සේ ක්ෂය රෝගය පාලනය කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැපවී සිටින බව ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණු පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂිකව මෙරටින් රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බව එහිදි පවසා තිබේ.

බන්ධනාගාර ගත වුවන්, වතුකර, නාගරික දිළිදු ජනතාව, අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයින් මෙහි අවදානම් කණ්ඩායම ලෙස හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

Admin

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday