Colombo Today Local News

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීමට වගඋත්තරකරුවකු වූ රනිල් එයින් ඉවත් කිරීමට මෛත්‍රී එරෙහි වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීයල මෘදු ප්‍රනාන්දු, එස්ග තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

ඒ අනුවල මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට කැදවීමට නියෝග කළේය.

Related posts

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

colombotoday

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday