Colombo Today Local News

ජාතික ඉන්ධන අවසරපත අද සිට ක්‍රියාත්මකයි | ක්ෂේත්‍ර කිහිපයකට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙළක්

ජාතික ඉන්ධන අවසරපත අද (26)දිනයේ සිට දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනු ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධනහල් ජාලය මගින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

තාක්ෂණික හෝ උපකරණවල අඩුපාඩුකම් පවතින ඉන්ධනහල් හිමියන්ට ඒවා නිවැරදි කර ගන්නා තෙක්, වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දිනයන්හි නියමිත කර ඇති ප්‍රමාණයන්ට ඉන්ධන බෙදා හැරීම සිදු කළ හැකි ය.

කෙසේ වෙතත් ලබන 01 වැනි දා සිට ජාතික ඉන්ධන අවසරපත ඉන්ධන ලබාගැනීම සඳහා ඇති එකම ක්‍රමවේදය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

කඩිනමින් ජාතික ඉන්ධන අවසරපත්‍රය අදාළ මෘදුකාංගය ඔස්සේ ලබා ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

වාහන කිහිපයක් හිමි ආයතන සඳහා තම ව්‍යාපාරික බලපත්‍රය මගින් සියලුම වාහන ලියාපදිංචි කිරීමටත්, රජයේ වාහන ලියාපදිංචි කිරීම සඳහා එම රජයේ ආයතනවල අංශ ප්‍රධානීන් විසින් නම් කළ නිලධාරියෙකුට මෘදුකාංගය වෙත පිවිස දත්ත ඇතුළත් කිරීමටත් අවසර හිමිවනු ඇති.

විදුලිජනක යන්ත්‍ර, වගා උපකරණ සහ අනෙකුත්‍ යන්ත්‍ර වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවස්ථාව හිමි වේ.

පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට තම බල ප්‍රදේශයේ ඇති ත්‍රීරෝද රථ වෙන් කර එම එක් එක් ත්‍රීරෝද රථ එම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට වෙන් කර ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

මගී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ තෝරා ගත් ඉන්ධනහල් මගින් සිදු කිරීමට අවශ්‍ය වෙන් කිරීම සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට බලය ලබාදීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක, කර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා වන ලියාපදිංචි කිරීම්, එක් එක් අමාත්‍යාංශ මගින් සිදු කිරීමට අවසර ලබා දෙන බව ද බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Related posts

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුවට චරිත හේරත් නම් කරයි

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday