Colombo Today Local News

මැයි 09 වැනිදා අරගලකරුවන්ට එල්ල ප්‍රහාරයේ වින්දිතයන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි… මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ගෝඨාගෝගමට මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ කර තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු සාමාකාමී අරගකරුවන්ට පහර දීමට පැමිණි පිරිස් පාලනය කිරීමට හෝ වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට විරෝධතා භූමිය අවට සේවයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවට ද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කරයි.

මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මැයි 09 ප්‍රහාරය ක්‍රියාත්මක විමෙන් පොලිස්පතිවරයා සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂාව සහතික කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවයි.

Related posts

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියක දීමනා ගෙවලා

Admin

‘ඕන ගොනා‘ පුවතින් මුස්ලිම් පෙම්වතා කිපෙයි.. තොරතුරු දුන් අය සොයා අමාත්‍යාංශය පීරයි !

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday

ඊළමට ආවඩා ලංකාවට එනු බෑ ! ඊළාම් ගැති රැජිණි කාන්ත්ගේ වීසා අයැදුමට ලංකා රජයෙන් පාපහරක් !

colombotoday