Colombo Today Local News

රහස් ඡන්දය ඡායාරූපගත කළොත් වසර 7කට මැතිසබයේ අසුන් තහනම්

ජනාධිපති තෝරාගන්නා ජන්ද විමසීමේදී අද (ජූලි 20) මැතිසබයේදී සිය ඡන්දය ජායාරූපගත නොකරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් කටයුතු කර අවශ්‍ය සහාය දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන කාරක සභාවේදී සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

මෙය රහස් ඡන්දයක් බැවින් මන්ත්‍රීවරයකු තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම හෝ ඊට බල කිරීමට යන ඕනෑ ම ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට වසර හතකට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් වීම බව නීති ප්‍රතිපාදනවල සඳහන් වේ.

වසර 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 20 වැනි වගන්තිය මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම හෝ බල කිරීම තහනම් කිරීම ඇතුළුව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ නීති රීති දක්වා ඇත.

ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී සිය මන්ත්‍රීවරුන්ට එය ජායාරූපගත කරන ලෙස පක්ෂ නායකයෙකු උපදෙස් දී තිබීම නිසා මෙම උපදෙස් දුන් බව ද වාර්තාවිය.

මේ අතර, පාර්ලිමේන්තුව යළි ලබන (ජූලි 27) පෙරවරු 10.00ට රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Related posts

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

colombotoday

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday