නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කර්තව්‍ය නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සතු බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන්.
ඊට අමතරව රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා ලෙසද එහි දක්වා තිබේ.