Colombo Today Local News

අම්මා ළිදට විසිකර කර දැමූ තුන් හැවිරිදි දියණිය පාසල් සිසුන් බේරාගනියි

මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දියණියකි.

ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.

නිවසේ ඇති පශ්නවලට උරණවූ මේ මව සිය දියණිය අද (19)උදේ ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද පොලීසිය කියයි.

ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසනු ඇහුණු චාමික ලක්ශාන් හා රොෂාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය කියයි.

මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදයාලයේ ඉගෙනුම ලබන බවද පොලීසිය කියයි.

සිගිති දියණිය ළිදට දැමූ මව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බවද පොලීසිය කියයි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ඇල්ගිරියහේ අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉරාන් යන මහත්වරු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

රොෂාන් කුමාර
චාමික ලක්ෂාන්

Related posts

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

colombotoday

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

වියදම් කරන්න සල්ලි ඉතිරිකර ගියාට මාලිමාව රනිල්ට ස්තූතියි කරයි

Admin

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday