Colombo Today Local News

වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකලොත් රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් ඉදිරි පැය 24 ඇතුළත රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් ලබන 18 වැනිදා රට පුරා හර්තාලයක් සහ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.

ජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථානුකූල පිළිතුරක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් අවශ්‍ය නොවන බවත් එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම වී ඇති බවද ඔහු සඳහන් කරයි.

දැනටමත් මෙම අරගලය ෆැසිස්ට් අරගලයක් ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නම් කර අවසන් බවත් එම නිසා ඉලක්කය කොයි දිශාවටද යන්නේ යැයි තේරුම් ගැනීමට අපහසු නොවන බවත් හෙතෙම පවසයි.

Related posts

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday