Colombo Today Local News

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණි සෞදියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවේ චන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7.17ට ගොඩබෑ බව සිංගප්පූරු මාධ්‍ය වාර්තා කළේය.

සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීම ලබා දී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සිංගප්පූරු මාධ්‍ය ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් සිංගප්පූරුව,දේශපාලන රැකවරණ පිළිබඳ ඉල්ලීම් සලකා නොබලන බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin