Colombo Today Local News

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, නමුත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ යටතේ මේ වන විට 45,000ක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති බවයි.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.

2015 – 2019 කාලපරිච්ඡේදය තුළ දී සමස්ත රාජ්‍ය සේවයට ලබා දීලා තියෙන රැකියා අවස්ථාවන් 22,145 යි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූවාට පසු සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් පත්වීම් පමණක් මේ වෙන කොට 60,000 ක් ලබාදීලා තියෙනවා.
මේ හැටදාහ ලබා දීලා, පුහුණු කාලය අවසන් කරලා ඔවුන් ස්ථිර කරන්න අවශ්‍ය වැඩකටයුතුත් කරලා තියෙනවා.
ඊට අමතරව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත, එසේ නැත්නම් සාමාන්‍ය පෙළ කඩඉම පසුකරන්න බැරි සහෝදර සහෝදරියන් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමේ වැඩසටහන මේ වෙන කොට ක්‍රියාත්මක වෙලා , ඒ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා මේ වෙන කොට 45,000 ක් දෙනා බඳවා ගෙන තියෙනවා.

Related posts

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

හබරාදූවේ වෙඩි තැබීමක්

Admin

රාජතගේ රෙදි ගැලවෙන්නම සෙන්පති කමල් ගුණරත්න දුන්න උත්තරේ මෙන්න

colombotoday

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday