Colombo Today Local News

අනතුරකින් සිසුන් 13ක් රෝහලේ… ප්‍රවාහන පහසුකම් නොමැති සිසුන් 37ක් ලොරි රථයේ ගමන් කරලා…

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටී ඊයේ (30) උදැසන මෙම අනතුර සිදුවී ඇත.

එම අවස්ථාවේදී සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූ සිසුන්ව ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව සිසුන් තිදෙනෙකුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

එක් සිසුවෙකුගේ පාදයට අනතුරින් දැඩිව හානි සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවත්වෙයි

Admin

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday

“සංචාරක ජෛව බුබුල” සංකල්පය යටතේ ප්‍රංශ නාවිකයෝ 420ක් මෙරටට

colombotoday