ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15 වැනිදා අතර කාලයේ ද, බොරතෙල් නෞකාවක් මේ මස 14 සහ 16 අතර කාලයේ ද, දැවිතෙල් නෞකාවක් මේ මස 15 සහ 17 අතර කාලයේ ද, ළගාවීමට නියමිත බවත් එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ මස 17 සහ 19 අතර කාලයේ ළගාවීමට නියමිත පෙට්‍රල් නෞකාව සඳහා ඉතිරි මුදල් හෙට (12) ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.