Colombo Today Local News

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ අතරින් 5800ක් විමර්ශනයකට ලක් වෙන්නේ නෑ.. – ඇමති ලසන්ත අලගියවන්න

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැතැයි සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6)දින පැවසීය.

මේ අතර පරිභෝජන මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙි භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳ පොළට යන බව කී අලගියවන්න මහතා නිදහසින් පසු රට මුහුණ දෙන මෙි ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට අප වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

කිසිදු රජයක් ජනතාවට හිතාමතා වහ කවන්න උත්සාහ කරන්නේ නැතැයි ද වෙළෙඳපොළට විෂකාරක තෙල් නිකුත් වී තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් අද වන තෙක් ප්‍රකාශ කොට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

අන්තවාදී ඉගැන්වීම් සහිත පොත් ශිෂ්‍යයින්ටත් මහජනතාව අතරටත් යන එක නවත්වන්න කටයුතු කරනවා. – ආරක්ෂක ලේකම්

colombotoday