ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19)දින අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
අද (19)දින අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
දිවයිනට රැගෙන ආ එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ.