Colombo Today Local News

කතෝලික පල්ලිවල ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් ගැන තොරතුරු රැසක් එළියට

ළමයින් දෙලක්ෂයකට වැඩි පිරිසක් 1950 වසරේ පටන් ප්‍රංශයේ කතෝලික පල්ලි තුළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව අසන්නට ලැබීමත් සමග ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වේදනාවට පත්ව ඇතැයි වතිකානය ප්‍රකාශ කරයි.

මෙසේ අපයෝජනයට ලක් වූ ළමයින් 216,000ක් අතරින් වැඩි දෙනෙක් පිරිමි ළමයින්ය. අපයෝජකයන් 2900 – 3200ත් අතර පිරිසක් අනාවරණය වී ඇත.

Freed spech නම් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසන්නේ විශ්වාසය, සදාචාරය මෙන්ම ළමයින් පාවාදීමක්ද මෙහිදී සිදුව ඇති බවය.

මෙම විමර්ශනයෙන් හෙළිදරව් වී ඇති පරිදි මෙලෙස වින්දිතයන් බවට පත්ව සිටින ළමුන් සංඛ්‍යාව 330,000ක් පමණ දක්වා ඉහළ යා හැකිය. Freed spech සංවිධානය පෙන්වා දෙන්නේ මෙය ප්‍රංශ ඉතිහාසයේ ‘හැරවුමක්’ විය හැකි හෙළිදරව්වක් බවය. ‘‘මේ වින්දිතයන් වෙනුවෙන් අන්තිමේදී ආයතන මට්ටමෙන් යම් පිළිගැනීමක් ඇතිවෙලා…’’ යනුවෙන් ඔවුන් පවසා ඇත.

වතිකානයේ ප්‍රකාශයට අනුව පාප් වහන්සේ මේ පිළිබඳ දැනුවත්ව ඇත්තේ පසුගිය දිනවල ප්‍රංශයේ බිෂොප්වරුන් හමුවීමෙන් අනතුරුවය.

පල්ලිය මෙම ස්වාධීන පරීක්ෂණය දියත් කළේ වර්ෂ 2018දීය. පරීක්ෂනයට වසර දෙකහමාරක් පමණ ගත විය. එම කාල සීමාව තුළදී විමර්ශකයන් පොලිස් වාර්තා, අධිකරණ වාර්තා, සිද්ධස්ථාන වාර්තා ආදිය අධ්‍යයනය කර ඇත. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සමගද සාකච්ඡා කර තිබේ. මෙම බොහෝ සිද්ධීන් ප්‍රංශ නීතිය හමුවට ගෙන ඒමට තරම් කල් ගත වී ඇති බවද මෙහිදී හෙළිදරව් වී තිබේ.

Related posts

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

colombotoday

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday