Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරිය එහි මූල්‍ය ශක්තිය විනාශකරමින් ආයතනය දියකර හරිමින් සිටීම නිසා එය රැකගැනීමට ආයෝජන මණ්ඩලයේ කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත් වන ලෙස වෘත්තීය සමිති හයක් ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

අධික වැටප් පොරොන්දු වෙමින් සිදුකරගෙන යන අනවශ්‍ය බඳවාගැනීම් නතර කරදෙන ලෙසත් මෙතෙක් බඳවාගත් අය සේවයෙන් ඉවත් කරන ලෙසත්, අධික පිරිවැය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති කාර්යාල නවීකරණ කටයුතු හා බාහිර ආයතනවල සේවය ලබාගැනීම නතරකර දෙන ලෙසත්, ආයෝජන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් පෞද්ගලිකව මැදිහත් වී ඉහළ කළමනාකරණයට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ලබාදෙන ලෙසත් වෘත්තීය සමිති එම ලිපියෙන් ඉල්ලා තිබේ.

නව ප්‍රතිසංස්කරණ මුවාවෙන් ආයතනයේ මූල්‍ය තත්වයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් කැබිනට් මණ්ඩලයට ද සාවද්‍ය තොරතුරු සපයමින් මාසිකව අධික වැටුපක් ගෙවීමේ පදනම මත නිලධාරීන් 29 දෙනකු කොන්ත්‍රාත් පදනමින් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම නව බඳවාගැනීම් සඳහා දළ වශයෙන් මාසිකව රුපියල් මිලියන 20 ක අමතර පිරිවැයක් ආයෝජන මණ්ඩලයට දැරීමට සිදුවන බවත් එම ලිපියේ සඳහන් වේ.

එම නව නිලධාරීන් සඳහා ප්‍රධාන කාර්යාලයේ 27 වැනි මහලේ කොටසක් ද 24 වැනි මහළ සම්පූර්ණයෙන් නවීරණය කිරීමට දළ වශයෙන් රුපියල් මිලියන 76 ක අනවශ්‍ය අධික පිරිවැයක් දැරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැති ලබාගෙන ඇති බවත් ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ආයෝජන මණ්ඩලය සුරකීමේ සංගමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, සමඟි සේවක සංගමය, ජාතික සේවක සංගමය, විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ නිදහස් සේවක සංගමය යන වෘත්තීය සමිති හයේ සභාපතිවරු මෙම ලිපියට අස්සන් තබා තිබේ.

Related posts

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

අයවැය සම්මතකරගන්න TNA මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා…

colombotoday

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday