Colombo Today Local News

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද(17) පස්වරු 3.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වන ආකාරය සම්බන්ධයෙන් එහිදී පක්ෂ නායකයින් සාකච්ඡා කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, කොවිඩ් ව්‍යාප්තියත් සමග පාර්ලිමේන්තු රැස්වීම සතියට දින 02කට පමණක් සීමා කළ බවය.

ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූදානමක්! අනීතික ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට දෙන සංතෝෂමක් දැයි සැකයි!

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

කොළඹ කසල අර්බුදයක්

Admin