Colombo Today Local NewsTop Stories

විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූදානමක්! අනීතික ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට දෙන සංතෝෂමක් දැයි සැකයි!

විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන මුවාවෙන් ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූදානමක් පවතින බවත් අනීතික ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට දෙන සංතෝෂමක් දැයි සැකයි මතුව තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ වැටුප් විෂමතා දුරු කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් විදුලිබල අමාත්‍යවරයා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඉතිහාසයේ සෑම විටම වැටුප් විෂමතා දුරුකරන මුවාවෙන් සිදුවූයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම වන බවත් මෙවර සිදුවීමට නියමිතව ඇත්තේද එවැනිම දෙයක් බවත් විතානගේ මහතා අවධාරණය කර සිටියිනවා.

විදුලි බල පනතේ සදහන්ව ඇති පරිදි තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් තොරව පරිසර හිතකාමී නොවන ගල් අගුරු බලාගාරයක් සෑදීම සදහා චීන සමාගමකට අවසර ලබා ගැනීම සදහා විදුලි ඉංජිනේරුවන් සතුටු කිරීම සදහා මෙසේ වැටුප් වැඩි කරනවාද? යන්න පිළිබදව සැකයක් මතුවී ඇති බවත් අදාල බලාගාරය ඉදිකිරීමට සැරසෙන සමාගමේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරනු ලබන්නේ විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිළයක් දැරූ පුද්ගලයෙක් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

විදුලි ඉංජිනේරුවරුන් විසින් ගෙවිය යුතු ආදායම් බදු මේවන විට ගෙවනු ලබන්නේ විදුලි පාරිභෝගිකයින් බවත් මෙම අවස්ථාවේ විදුලි ඉංජිනේරුවරුන්ට වැටුප් වැඩි නොකලයුතු බව තම සංවිධානයේ අදහස වන බවත් විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ විදුලි ඉංජිනේරුවරුන්ට වැටුප් වැඩි කිරීමට තිබෙන උනන්දු විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටද තබා ගන්නා ලෙස රංජිත් විතානගේ මහතා ඉල්ලා සිටියි.

තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් තොරව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම සදහා චීන සමාගමකට ලබාදීමේ සැළසුමකට අනුමැතිය ගැනීම සදහා මේ වන විට මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. මෙම චීන සමාගම විසින් ඉදිකරන ලද බලාගාරයක් මේ වන විට නිතර නිතර බිදවැටී විදුලි පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කරමින් සිටී. එම යෝජිත සමාගම විසින් මීට පෙර ලබාගෙන තිබූ අත්තනගල්ල ජල ව්‍යාපෘතියක් ද අසමත් වී තිබෙන පසුබිමක එම සමාගමට තවත් බලාගාරයක්ම ඉදිකිරීම සදහා ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ප්‍රශ්න කරන බවත් යම් හෙයකින් උක්ත විදුලි බලාගාරය ඉදිකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දීම කල හොත් තම සංවිධානය විසින් නීත්යානණුකූලව කටයතු කරන බව ද විතානගේ මහතා දන්වා සිටියි.

“විදුලි බල මණ්ඩලය නඩත්තු කරන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයින් වන අප බව විදුලි බල අමාත්‍යවරයාට මතක් කර දෙන අතර විදුලි මාෆියාවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් උපදෙස් ගෙන විදුලි පාරිභෝගිකයා අසීරුතාවට හා පීඩාවට පත් කරන තීන්දු තීරණ ගන්නේ නම් ඔබට ද සිදු වන්නේ අතීතයේ විදුලිබල අමාත්‍යවරුන්ට අත්වූ ඉරණම බවද කණගාටුවෙන් වුවද සදහන් කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කර සිටයි.

Related posts

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday