Colombo Today Local News

ල.වි.ම යේ අධිකාරීවරයෙකුට පහර දී රාජකාරියට බාධා කල මන්ත්‍රී අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වඳුරඹ, ලංකා විදුලබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාට පහර දී රාජකාරියට බාධා කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් එම පුද්ගලයාව වඳුරඹ පොලීසිය විසින් ඊයේ(06) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලින් විදුලි රැහැන් ඇදීමේ දී මෙලෙස බාධා කිරීමක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද(07) දිනයේ දී ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පහරකෑමට ලක්වු පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ.

Related posts

හරක් කටාගේ අල්ලස් චෝදනාව! විමර්ශන TID එකට

Admin

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

colombotoday

මහ දවාලේ මහබැංකුව කැඩුවා.. කෝටි ගණන් හොරකම් කරා.. ආණ්ඩුවේ හොද නම එජාපය කෑවා

colombotoday